හෙළයේ රණකාමීත්වය වත්මනට ගැලපෙන සේ තාරුණ්‍යයට එළිදැක්වෙන නුතන දේශීය සටන් ක්‍රමයක්
විදේශීය සටන් ක්‍රම බොහෝමයක් ලංකාව තුල පැතිර තිබුනද ඒවා බොහොමයක් එම මව් රටවල සංස්කෘතීන්ට අනුකුලව බිහිව, යම් වෙනස්කල නොහැකි රාමුන් මත පදනම් වී පවතී . අප රට තුලද පාරම්පරික සටන් ක්‍රම පැවතියද වත්මන් සමාජ ක්‍රමයට ගැලපීමේදී ඒවායේ පවතීන වෙනස් කල නොහැකි සම්ප්‍රදායික රාමුන් නිසා සංස්කෘතික අංග ලෙසට පත්වෙමින්, ප්‍රායෝගිකත්වයෙන් දුරස්ව යන්නට විය. මේ නිසා වත්මන් සමාජ ක්‍රමය තුල ප්‍රයෝගිකව බාවිතා කල හැකි නුතන ශ්‍රී ලාංකීය සටන් ක්රමයක හිඩැස පියවීමේ අදහසින් යෝග බුදෝ නමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් සහිත මිශ්‍ර සටන් ක්‍රමයක් ජාතික තරුණ සේවා සභාව තුලින් බිහිවුයේ මෙයට වසර ගණනාවකට පෙරය. අද වනවිට අපේ මේ පුංචි දේශය තුලින් බිහිවූ නුතන සටන් ක්‍රමයක් ලෙස කෙටි කලක් තුල ලොව යම් පිළිගැනීමකට ලක්වූ යෝග බුදෝ වීඩියෝ ලක්ෂ ගණනින් ලොව පුරා හුවමාරු වුයේ අපේ රටේ අභිමානයද ලොවට ගෙන යමිනි. මේ ඔවුනගේ ශ්‍රේණිගත කිරීමක අවිරහිත සටන් සදහා අපේ යෞවනයන් ඉදිරිපත්වූ ආකාරය දැක්වෙන ඔවුන් Youtube වෙත ඉදිරිපත් කර තිබූ කෙටි වීඩියෝවකි.
No comments:
Post a Comment