Monday, March 13, 2017

ලොවක් සසල කල චායාරූපය


දෙවන ලෝක යුද්ධයේදී යුධ වාර්තාකරුවෙකු ලෙස සේවය කල Joe O’Donnell හිරෝෂිමා නගරයට ඇතුළුවුයේ ඇමෙරිකානු පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වී දිනකට පසුවය. ලොව සසල කල මේ දසුන ඔහුගේ කැමරා කාචයට හසු කර ගනු ලැබුවේ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පිළිස්සුනු මිනිසුන් සමුහ ලෙස ආදාහනය කරන සුසාන භුමියකදීය. මේ චායාරුපයේ පසුබිම් කතාව ඔහුගේ වචනයෙන් මෙසේය... .....................................
"වසර දහයක පමණ කුඩා පිරිමි ළමයෙකු මා අසලින් ගමන් කරනු දුටුවා. ජපානයේ බොහෝ දරුවන් තම කුඩා සොහොයුරෙකු හෝ සොහොයුරියෙකු පිටේ එල්ලා ගෙන ගමන් කිරීම සුලභ දසුනක් උවද මා දුටු පිරිමි දරුවාගෙන් දිස් වුයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් හැසිරීමක්. මා ඔහුගේ හැසිරීම දෙස ඉතා ඕනෑකමින් බලා සිටියා. ඔහුගේ මුහුණෙන් සිනහවක ලකුණක් හෝ මා දුටුවේ නෑ.... ඔහු තම පිට මත එල්ලා ගෙන ආ කුඩා සොහොයුරා ගේ බෙල්ල එල්ලා කඩා හැලෙන ආකාරයක් මා දුටුවා.
සුදු පැහැති මුහුණු ආවරණයක් සහිතව පැමිණි ජපන් ජාතිකයෙකු ඔහුගේ කර මත එල්ලා රැගෙන ආ කුඩා දරුවා දෝතට ගන්නා ආකාරයත්, බුර බුරා නැගෙන ගිනි දැල් වෙත මියගිය සිඟිත්තා විසි කරන අයුරුත් මා බලා සිටියේ හදවතේ නැගෙන ගිනි දැල් අතරින් . අනතුරුව මාගේ දෙනෙත ඇදී ගියේ මියගිය කුඩා සිඟිත්තා රැගෙන ආ දරුවාගේ හැඟීම් බර මුහුණ වෙතය. තම සොහොයුරා ගින්නට විසි කිරීමෙන් පසුව ඔහු තමාගේ යටි තොල ලේ එනතුරු සපා ගන්නා ආකාරය මා දුටුවා. අනතුරුව ජපන් සම්ප්‍රධායට අනුව ඔහුගේ හිස ගිනි උඳුන වෙත පාත් කර සෙමෙන් සෙමෙන් එම ස්ථානයෙන් නික්ම ගියා. "
මෙම සිදුවීම අලලා 1988 දී , ජපන් බසින් විශිෂ්ඨ සිනමා කෘතියක් නිර්මාණය විය.“Grave of the Fireflies“ නම් මෙම සිනමා කෘතිය ලොව පුරා මහත් ප්‍රසිද්දියට පත් වුයේ යුද්ධයේ කටුක බව ලොවට පසක් කරමිනි.

No comments:

Post a Comment